Ultimate magazine theme for WordPress.

Watch : ක්‍රීඩකයින් වෙහෙසට පත් වීම නිසා ඩුමිනිට යළි ජාත්‍යන්තර පිටියේ දී පන්දු රැකීමට සිදු වූ හැටි

දකුණු අප්‍රිකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් දකුණු අප්‍රිකා කණ්ඩායමේ පුහුණුකරුවෙකු වන ජේ පී ඩුමිනි යළිත් වරක් ජාත්‍යන්තර පිටියේ දී පන්දු රකින ආකාරය දැක බලා ගැනීමේ අවස්ථාවක් ක්‍රීඩාලෝලීන්ට අද(7) උදා වුණා.

ඒ, අයර්ලන්තය සමග අබුඩාබිහී දී පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේදී යි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 284 ක් ලබා ගත්තා.

අබුඩාබි නුවර පවතින අධික උණුසුම් කාළගුණය හේතුවෙන් දකුණු අප්‍රිකා පන්දු රකින්නන් දැඩි වෙහෙසට පත්ව සිටි බැවිනුයි අයර්ලන්ත ඉනිම අතරතුර දී පන්දු රැකීම සදහා ජේ පී ඩුමිනිට ද එක් වීමට සිදු වුණේ.

දර්ශන පහතින් –