Watch : ක්‍රිකට් පිටියේ ඔබ කිසිදා නොදුටු අනතුරකට මෙහිදි හසාන් මුහුණ දුන් හැටි

දකුණු අප්‍රිකාව හා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පෝර්ට් එලිසබෙත් හී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද(10) දිනයේ දී බංග්ලාදේශ ක්‍රීඩක මෙහිදි හසාන් මිරාස් අනතුරකට මුහුණ දුන්නා.
දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේ පළමු පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී යි ඔහු මෙම අනතුරට මුහුණ දුන්නේ.
එබඩොට් හොසේන් විසින් එම පන්දුවාරය යොමු කළ අතර, පන්දුවට පහර දුන්නේ Sarel Erwee.
Sarel විසින් පළමු පන්දුවාරයේ දෙවැනි පන්දුවට කට් පහරක් එල්ල කළ අතර, අනතුරුව පන්දුව උඩ පන්දුවක් ලෙස බැක්වර්ඩ් පොයිට් කලාපය වෙත ඇදී ගියා.
එහි පන්දු රකිමින් සිටි මෙහිදි හසාන්ට උඩ පන්දුවක් ලෙස පහසුවෙන් රැක ගත හැකි අයුරින් පන්දුව ඇදී ආ නමුත්, අවාසනාවකට ඔහුට එම පන්දුව පැමිණෙන මාර්ගය පිළිබද කිසිදු අවබෝධයක් තිබුණේ නැහැ.
පිතිකරුවා පහර එල්ල කිරීමෙන් පසුව පන්දුවේ ගමන් මාර්ගය සොයා ගැනීමට මෙහිදි හසාන්ට නොහැකි වීම හේතුවෙන් ඔහු කරා ආ පන්දුව කෙළින්ම පපු ප්‍රදේශයේ ගැටුණා.
මෙහිදි හසාන්ට දර්ශනය වූ පසුතලයේ බලපෑම අනුව ඔහුට පන්දුව එන අයුරු දර්ශන නොවන්නට ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.
පන්දුව පපු ප්‍රදේශයේ වැදීමෙන් පසුව බිම ඇද වැටුණු මෙහිදිට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ද කටයුතු කෙරුණු අතර, අනතුරුව ඔහුව පිටියෙන් ඉවතට රැගෙන ගියා.
කෙසේ වෙතත්, අනතුරුව මෙහිදි හසාන් යළි පිටියට පැමිණි අතර, ගැටලුවකින් තොරව ඔහු පන්දු යැවීමට ද කටයුතු කළා.
අදාළ අනතුරේ දර්ශන කිහිපයක් පහතින් –
— cric fun (@cric12222) April 10, 2022
— cric fun (@cric12222) April 10, 2022