Ultimate magazine theme for WordPress.

Watch : උණසුම් තත්ත්වයෙන් පසු පරාග්ට අතට අත දීමත් හර්ෂාල් පටෙල් ප්‍රතික්ෂේප කරයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(26) පූනේ හී දී පැවැති 39 වැනි තරගය අතරතුර දී යම් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

මෙම තරගය පැවැත්වුණේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 144ක් රැස් කළා.

රියාන් පරාග් පන්දු 31කින් නොදැවී ලකුණු 56 ක් ලබා ගනිමින් රාජස්ථාන් ඉනිම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණේ හයේ පහර 4ක් හා හතරේ පහර 3ක් ද සිය ඉනිමට ඇතුළත් කරමින්.

රාජස්ථාන් ඉනිමේ අවසන් පන්දුවාරය හර්ෂාල් පටෙල් විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ දී ලකුණු 18ක් රැස් කිරීමට පරාග් සමත් වුණා.

රාජස්ථාන් ඉනිම අවසානයේ දී යි රියාන් පරාග් හා බැංගලෝර් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂාල් පටෙල් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණේ.

අනතුරුව සෙසු ක්‍රීඩකයින් පැමිණ තත්ත්වය සමථයකට පත් කිරීමට කටයුතු කළා.

මෙම තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 29ක ජයක් වාර්තා කිරීමට සමත් වූ අතර, තරගය අවසන් වීමෙන් පසුව ද හර්ෂාල් පටෙල්ගේ හා රියාන් පරාග්ගේ හැසිරීම් තුළින් සනාථ වූයේ ඔවුන් දෙදෙනා අතර ඇති වූ උණුසුම් තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් සමථයකට පත්ව නොමැති බවයි.

ඊට හේතු වූයේ තරගයෙන් පසුව ක්‍රීඩකයින් එකිනෙකාට ආචාර කිරීම සදහා අතට අත ලබා දීමේ දී රියාන් පරාග් වෙත අතට අත දීම ප්‍රතික්ෂේප කිරීමට හර්ෂාල් පටෙල් කටයුතු කිරීම හේතුවෙන්. (ඇති වූ උණුසුම් තත්ත්වය හා හර්ෂාල් පටෙල් විසින් අතට අත දීම ප්‍රතික්ෂේප කළ ආකාරය ඇතුළත් වීඩියෝ පහතින් නරඹන්න)