Watch : අසිතගේ සුපිරි පන්දුවක් හමුවේ පෝප් දැවී ගිය හැටි

මැන්චෙස්ටර්හී දී පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.
වර්ෂාව හේතුවෙන් අද දිනයේ දී තරගය ආරම්භ කිරීමට සිදු වූයේ නියමිත කාලයට වඩා පැය දෙකයි මිනිත්තු 15 ක ප්‍රමාදයකින් පසුවයි.
දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු දෙකම දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා.
බෙන් ඩකට් ලකුණු 18 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගිය අතර, නායක ඔලී පෝප් රැස් කළේ ලකුණු හයක් පමණයි.
අසිතගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි ඔලී පෝප් දැවී ගියේ.
එම කඩුලු දෙකේ දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) August 22, 2024