Watch : අචිනිගේ විශිෂ්ඨ යෝකර් පන්දුවක් හමුවේ තරගයේ පළමු පන්දුවෙන්ම දැවී ගිය කඩුල්ල

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩිකා අචිනි කුලසූරිය අද(24) සමත් වුණා.
දඹුල්ලේ දී ආරම්භ වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූයේ තායිලන්තයයි.
තරගයේ කාසියේ වාසිය දිනූ තායිලන්තය පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
තරගයේ පළමු පන්දුවාරය අචිනි කුලසූරිය විසින් යොමු කළ අතර, පළමු පන්දුවම විශිෂ්ඨ යෝකර් පන්දුවක් ලෙස යොමු කළ ඇය තායිලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.
දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) July 24, 2024