Watch : චාමිකගේ කඩුලු 4 හමුවේ නවසීලන්තය 274 කට සීමා වෙයි

නවසීලන්තය සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 275 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
ඒ, ඔක්ලන්ඩ් හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 274 කට සීමා වීම හේතුවෙන්.
පන්දුවාර 49.3 කට සීමා වූ නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ෆින් ඇලන්. ඔහු පන්දු 49 කින් ලකුණු 51 ක් රැස් කළා. මංගල එක්දින තරගය ක්‍රීඩා කරන ආරම්භක පිතිකරු චැඩ් බොවුස් ලකුණු 14 කට දැවී ගියා.
විල් යන්ග් ලකුණු 26 කටත්, ඩැරල් මිචෙල් ලකුණු 47 කටත් දැවී ගියා. නායක ටොම් ලේතම් ලකුණු 5 යි.
ග්ලේන් පිලිප්ස් ලකුණු 39 ක් රැස් කළ අතර, මංගල එක්දින තරගය ක්‍රීඩා කරන රචින් රවීන්ද්‍ර ලකුණු 49 ක් ලබා සිටියදී දැවී ගියා.
පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න ලකුණු 43 කට කඩුලු 4 ක් දවා ගත්තා. කසුන් රාජිත හා ලහිරු කුමාර කඩුලු 2 බැගින් බිද හෙලුවා.
චාමික දවා ගත් කඩුලු හතරේ දර්ශන පහතින් –
— CricDaily24 (@cricday96) March 25, 2023