Ultimate magazine theme for WordPress.

Update : ඔස්ට්‍රේලියාවට ලකුණු 125ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ජය ගැනීම සදහා ඔස්ට්‍රේලියාවට ලකුණු 125ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ්, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 124ක් පමණක් ලබා ගැනීම හේතුවෙන්.

චරිත් අසලංක ලකුණු 39ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 36කට දැවී ගියා. මෙන්ඩිස් දැවී ගියේ හිට් විකට් දැවී යාමකට හසු වෙමින්.

දසුන් ශානක ලකුණු 14ක්ද, භානුක රාජපක්ෂ ලකුණු 13ක් ද, වනිදු හසරංග ලකුණු 12ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කේන් රිචර්ඩ්සන් ලකුණු 30කට කඩුලු 4ක් හා ජයි රිචර්ඩ්සන් 26කට කඩුලු 3ක් බිද හෙලුවා.