Ultimate magazine theme for WordPress.

U19 CWC : අවසන් පූර්ව වටය අදින් ඇරඹේ

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අදින් ආරම්භ වනවා.

තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගත්තේ දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය යන රටවල්.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද දිනයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, එහිදී දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායම හා ඉන්දීය යොවුන් කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

දෙවැනි අවසන් පූර්ව තරගය එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ දී පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතරයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

ඒ, ඔවුන් සුපිරි හය වටයේ දෙවැනි කාණ්ඩයේ 5 වැනි ස්ථානය හිමි කර ගනිමින් තරගාවලිය අවසන් කිරීම හේතුවෙන්.