Ultimate magazine theme for WordPress.

Toss Report : ශ්‍රී ලංකාවට එරෙහිව කාසියේ වාසිය කොදෙව්වන්ට

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කොදෙව් නායක රොව්මන් පවෙල් සමත් වුණා.

ඒ අනුව ඔහු තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමටයි තීරණය කළේ. තරගය දඹුල්ලේ දී පැවැත්වෙනවා.

වර්ෂාවෙන් සිදු වූ බාධා වීම හේතුවෙන් තරගයේ ආරම්භය මිනිත්තු 30 කින් ප්‍රමාද කිරීමට සිදුව ඇති අතර, ඒ අනුව තරගය රාත්‍රී 7:30 ට ආරම්භ වීමට නියමිතයි. කාසියේ වාසිය ද උරගා බැලුණේ නියමිත වේලාවට වඩා මිනිත්තු 30 ක ප්‍රමාදයකින් පසුවයි.

මීට පෙර නිවේදනය කෙරුණු පරිදි මෙම තරගය සදහා භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවා තිබෙනවා.

කොදෙව්වන් වෙනුවෙන් Shamar Springer මෙම තරගයේ දී විස්සයි 20 ජාත්‍යන්තර වරම් හිමි කර ගැනීම විශේෂත්වයක්.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI :

Pathum Nissanka, Kusal Mendis, Kusal Janith Perera, Kamindu Mendis, Charith Asalanka (C), Bhanuka Rajapaksa, Wanindu Hasaranga, Chamindu Wickramasinghe, Maheesh Theekshana, Matheesha Pathirana, Asitha Fernando

West Indies XI :

Evin Lewis, Brandon King, Shai Hope, Roston Chase, Sherfane Rutherford, Rovman Powell, Shamar Springer, Romario Shepherd, Alzarri Joseph, Gudakesh Motie, Shamar Joseph