Ultimate magazine theme for WordPress.

Toss Report : කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් එක් වෙනසක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 24 වැනි තරගය හෙවත් සුපිරි හය වටයේ සිව්වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය බුලවායෝ හි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ආබාධයකට ලක් වූ ලහිරු කුමාර වෙනුවට මතීෂ පතිරණ කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

Also Read : ලහිරු කුමාර සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ඉවතට ; ආදේශක ක්‍රීඩකයෙකුත් නම් කෙරේ

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ද එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ටෙන්ඩයි චටාරා වෙනුවට බ්‍රැඩ් එවන්ස් කණ්ඩායමට කැදවීමටයි තීරණය කර ඇත්තේ.

කණ්ඩායම් දෙක –

Zimbabwe XI:

Joylord Gumbie(w), Craig Ervine(c), Sean Williams, Wessly Madhevere, Sikandar Raza, Ryan Burl, Luke Jongwe, Wellington Masakadza, Brad Evans, Richard Ngarava, Blessing Muzarabani

Sri Lanka XI:

Pathum Nissanka, Dimuth Karunaratne, Kusal Mendis(w), Sadeera Samarawickrama, Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka(c), Wanindu Hasaranga, Maheesh Theekshana, Dilshan Madushanka, Matheesha Pathirana

Leave a comment