Toss Report : කාසියේ වාසිය අයර්ලන්තයට ; කණ්ඩායම් දෙක මෙන්න

ශ්රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
තරගය ගාල්ලේ දී පැවැත්වෙන අතර, මෙම තරගය සදහා ශ්රී ලංකා කණ්ඩායමෙන් කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.
අයර්ලන්තය වෙනුවෙන් පෝල් ස්ටර්ලින්ග් කණ්ඩායමට කැදවා තිබීම විශේෂත්වයක්.
පළමු තරගයෙන් ඉනිමක හා ලකුණු 280 ක වාර්තාගත ජයක් ලැබූ ශ්රී ලංකාව මේ වන විට තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.
මෙම තරගය ඇතැම් විට දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ ශ්රී ලංකාව ක්රීඩා කරන අවසන් ටෙස්ට් තරගය වීමට ද ඉඩ තිබෙනවා.
කණ්ඩායම් දෙක –
Ireland XI:
Paul Stirling, James McCollum, Andrew Balbirnie (c), Harry Tector, Lorcan Tucker (wk), PJ Moor, Curtis Campher, Graham Hume, Andy McBrine, Matthew Humphreys, Ben White
Sri Lanka XI :
Nishan Madushka, Dimuth Karunaratne (c), Kusal Mendis, Angelo Mathews, Dinesh Chandimal, Dhananjaya de Silva, Sadeera Samarawickrama(w), Ramesh Mendis, Prabath Jayasuriya, Asitha Fernando, Vishwa Fernando