Ultimate magazine theme for WordPress.

The Hundred පළමු තරගයට ගිනිකෙළිවලින් බලපෑම්

එංගලන්තයේ පැවැත්වෙන The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර ඊයේ (4)ආරම්භ වුණා.

පළමු තරගය සවුත්හැම්ටන් හී දී පැවැත්වුණේ Welsh Fire හා පසුගියවර ශූරයින් වූ Southern Brave කණ්ඩායම් අතරයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Welsh Fire කණ්ඩායම නියමිත පන්දු 100 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 107 ක් රැස් කළා.

Ben Duckett ලකුණු 40(31) ක් ලබා ගත් අතර, පන්දු යැවීමේදී ක්‍රෙයිග් ඕවර්ටන් හා ක්‍රිස් ජෝර්ඩන් කඩුලු 2 බැගින් බිද හෙලුවා

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Southern Brave කණ්ඩායම පන්දු 69 ක් පමණක් වැය කරමින් තරගයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළේ එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදීයි.

නායක ජේම්ස් වින්ස් පන්දු 41 කින් ලකුණු 71ක් නොදැවී රැස් කරමින් සිය කණ්ඩායමට කඩුලු 9ක පහසු ජයක් තහවුරු කර දුන්නා.

මෙම සමාරම්භක තරගයේ ආරම්භය මිනිත්තු 7කින් ප්‍රමාද කිරීමට සිදු වීම ද බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වූ සිදු වීමක් බවට පත් වුණා.

තරගය ආරම්භයට පෙර සිදු කළ අලංකාර ගිනිකෙළි සංදර්ශන හේතුවෙන් ඇති වූ දුමාරය නිසා එලෙස අදාළ තරගය ආරම්භ වීම ප්‍රමාද වුණා.

තරගය රාත්‍රී 7ට ආරම්භ කිරීමට නියමිතව තිබුණද ආරම්භ කෙරුණේ රාත්‍රී 7.07 ටයි.

Leave a comment