Ultimate magazine theme for WordPress.

The Hundred : තරගාවලිය කෙටි කරමින් වෙනස්කම් රැසක් සමග 2023 තරග කාලසටහන නිවේදනය කෙරේ

‘ද හන්ඩ්‍රඩ්’ හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ පසුගියවර පිරිමි අංශයේ ශූරතාවය දිනූ Trent Rockets කණ්ඩායමේ සත්කාරක ක්‍රීඩාංගනය වන Trent Bridge හී දී මෙම වසරේ දී පැවැත්වෙන ‘ද හන්ඩ්‍රඩ්’  තරගාවලියේ සමාරම්භක තරගය පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

තරගාවලිය අගෝස්තු පළමු වැනිදා ආරම්භ වන අතර, අගෝස්තු 27 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී මෙවරත් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පිරිමි අංශයේ සමාරම්භක තරගය සදහා මෙවර ක්‍රීඩා කරන්නේ Trent Rockets කණ්ඩායම සමගින් Southern Brave කණ්ඩායමයි.

පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර තරගාවලිය සදහා වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති අතර, ඒ අනුව තරගාවලිය පැවැත්වෙන දින ප්‍රමාණය ද සති 4 ක කාලයක් සදහා අවම කර තිබෙනවා.

ගිම්හාන සෘතුවේ ජාත්‍යන්තර තරග කාලසටහන සමග ඝට්ටනම වීම අවම කිරීම එහි අරමුණයි.

ජාත්‍යන්තර තරග සමග සිදු වූ ඝට්ටනය හේතුවෙන් පසුගිය තරග වාර දෙකේදී ම ප්‍රධාන ක්‍රීඩකයින් රැසකට මෙම තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව සීමා වුණා.

මෙවර තරගාවලියේ දී එක් දිනකදී කාන්තා හා පිරිමි අංශයේ තරගය බැගින් පැවැත්වීමට නියමිත අතර, කාන්තා හා පිරිමි තරග දෙක බැගින් තරග 4ක් දිනකදී පැවැත්වෙන දින 8ක් ද මෙවර තරග කාලසටහන ඇතුළත්.

තරගාවලියට ක්‍රීඩා කරන පිරිමි හා කාන්තා සංචිතවල රදවා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලැයිස්තුව නිවේදනය කිරීම සදහා ලබා දී ඇති අවසන් දිනය වන්නේ පෙබරවාරි 16 වැනිදායි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය හෙවත් ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) මාර්තු දෙවැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Show Comments (1)