Ultimate magazine theme for WordPress.

T20 ලෝක කුසලානය බලන්නේ මෙහෙමයි

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වන්නේ රටවල් 16ක සහභාගීත්වයෙන්.

වසර 5කට පසුව මෙවර 20යි 20 ලෝක කුසලානයක් පැවැත්වෙන බැවින් තරගාවලිය කෙරෙහි ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ ද අවධානය ඉහළ මට්ටමකින් යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ඇතුළු ලොව පුරා ක්‍රීඩාලෝලීන් මෙවර තරගාවලියේ තරග නැරඹීම සදහා දැඩි උනන්දුවක් දක්වනු නොඅනුමානයි.

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය නැරඹිය හැකි ආකාරය සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය පසුගියදා නිවේදනය කළා.

ඒ අනුව තරගාවලිය රටවල් 200ක පමණ සජීවී පැය 10,000ක් පමණ ආවරණය වන පරිදි විකාශය කෙරෙනු ඇති.

මෙරට තුළ දේශීය රූපවාහිනී විකාශන අයිතිය සියත TV නාලිකාවට හිමිව ඇති අතර, ගුවන් විදුලි විස්තර විචාරය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ විසුරුවා හැරීමට නියමිතයි.

තරගාවලිය රූපවාහිනී හා ගුවන් විදුලිය ඔස්සේ ලොව පුරා විකාශය කෙරෙන්නේ පහත සදහන් නාලිකාවන් ඔස්සේයි.

 

Leave a comment