T20 පිටියේ අවම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව බිද වැටෙයි ; පන්දු දෙකෙන් ජයත් තහවුරු වෙයි
20යි 20 තරග පිටියේ කණ්ඩායමක් වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව අයිල් ඔෆ් මෑන් (Isle of Man) රට ඉදිරියේ සටහන් කිරීමට ස්පාඥ්ඤ කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ, අයිල් ඔෆ් මෑන් කණ්ඩායමේ ස්පාඥ්ඥ තරග සංචාරයේ 6 වැනි 20යි 20 තරගයේ දී අයිල් ඔෆ් මෑන් කණ්ඩායම ලකුණු 10 කට සීමා කරමින්.
පන්දුවාර 8.4 ක් තුළ දී එම කණ්ඩායමේ සියලු කඩුලු දැවී ගිය අතර, ලකුණු නොලබා පිතිකරුවන් 7 දෙනෙකු මෙම ඉනිමේ දී දැවී ගියා.
වැඩිමි ලකුණුලාභියා වූ Joseph Burrows ලකුණු 4ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Mohammad Kamran හා Atif Mehmood කඩුලු 4 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්පාඥ්ඤ කණ්ඩායම නීත්‍යානුකූල පන්දු 2ක් පමණක් වැය කරමින් ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා. ඔවුන්ගේ ඉනිමේ පළමු පන්දුව නිපන්දුවක් වූ අතර, සෙසු පන්දු දෙකට Awais Ahmed විසින් හයේ පහර 2ක් එල්ල කරමින් තරගයේ ජය සිය කණ්ඩායමට පහසුවෙන් හිමි කර දුන්නා.
මීට පෙර 20යි 20 තරගයක අවම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර තිබුණේ නිමා වූ බිග් බෑෂ් ලීග් තරගාවලියේ දී ලකුණු 15කට දැවී ගිය සිඩ්නි තන්ඩර් කණ්ඩායමයි.
ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම හමුවේ ඔවුන් එලෙස දැවී ගියේ පන්දුවාර 5.5 ක් තුළදීයි.
ඊට පෙර චෙක් ජනරජය හමුවේ තුර්කි කණ්ඩායම 2019 වසරේ දී ලකුණු 21 කට දැවී ගොස් තිබුණා.