Ultimate magazine theme for WordPress.

T 20 වසරේ කාන්තා ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ඇතුළත් කෙරේ

2022 වසරේ අයි.සී.සී පන්දුවාර 20යි 20 කාන්තා කණ්ඩායම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(23) නිවේදනය කළා.

2022 වසරේ දී ජාත්‍යන්තර 20යි 20 පිටියේ දී ක්‍රීඩිකාවන් දැක් වූ දක්ෂතා මත පදනම්ව නම් කර ඇති ක්‍රීඩිකාවන් 11 දෙනෙකුගෙන් යුත් මෙම ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

ඒ අනුව අදාළ කණ්ඩායමේ අංක 10 ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩිකා ඉනෝකා රණවීර නම් කර තිබෙනවා.

ඇය පසුගිය වසරේ දී 20යි 20 තරග 19 කදී කඩුලු 27 ක් දවා ගැනීමට සමත් වුණා.

ඉන්දීය ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු, ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් තිදෙනෙකු, නවසීලන්ත, පාකිස්තාන, එංගලන්ත හා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එක් අයෙකු බැගින් මෙම ලෝක කණ්ඩායමට ඇතුළත්.

2022 වසරේ අයි.සී.සී පන්දුවාර 20යි 20 කාන්තා කණ්ඩායම –

  1. Smriti Mandhana (India)
  2. Beth Mooney (Australia)
  3. Sophie Devine (c) (New Zealand)
  4. Ash Gardner (Australia)
  5. Tahila McGrath (Australia)
  6. Nida Dar (Pakistan)
  7. Deepti Sharma (India)
  8. Richa Ghosh (India)
  9. Sophie Ecclestone (England)
  10. Inoka Ranaweera (Sri Lanka)
  11. Renuka Singh (India)