Ultimate magazine theme for WordPress.

T 20 ලෝක කුසලානය අදින් ඇරඹේ

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අදින්(17) ආරම්භ වනවා.

ඕමානයේ දී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන මෙවර තරගාවලිය ලබන නොවැම්බර් 14 වනදා දක්වා ක්‍රීඩාංගන 4කදී පැවැත්වීමට නියමිතයි.

රටවල් 16ක් එක්වන තරගාවලියේ පළමු වටයේ තරග ආරම්භ කරමින් ඕමානය හා පැපුවා නිව් ගිනියාව අද තරග බිමට පිවිසෙන්නේ ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේ දී යි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ දෙවැනි තරගය ද අද පැවැත්වෙන අතර, බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේදී ම ආරම්භ වනු ඇති.

පළමු වටයේ තරඟ කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙනවා.

එක් කාණ්ඩයකට රටවල් හතරක් බැගින් ඇතුළත් අතර, එම කාණ්ඩවල පළමු ස්ථාන දෙක හිමිකර ගන්නා කණ්ඩායම් මෙවර තරගාවලියේ සුපිරි 12 වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇති.

සුපිරි 12 වටය සඳහා මේ වන විටත් රටවල් 8ක් සුදුසුකම් ලබා අවසන්.

ශ්‍රී ලංකාව ද පළමු වටයේ තරඟ සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර ඔවුන් හෙට නැමීබියාවට එරෙහිව තරග බිමට පිවිසෙනවා.

අවසන් වරට 20යි 20 ලෝක කුසලාන තරගාවලියක් පවත්වනු ලැබුවේ 2016 වසරේ දී වන අතර, එම තරගාවලියේ ශූරතාවය දිනා ගනු ලැබුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සදහා හා අවසන් තරගය සදහා අමතර දිනයක් ද වෙන් කර තිබෙනවා.

කණ්ඩායම් කාණ්ඩගත වී ඇති අයුරු –

Round 1 –
Group A :
Sri Lanka, Ireland, Netherlands, Namibia

Group B :
Bangladesh, Scotland, Papua New Guinea, Oman

Super 12 –
Group 1 :
England, Australia, South Africa, West Indies, top seed Group A, second seed Group B

Group 2 :
India, Pakistan, New Zealand, Afghanistan, second seed Group A, top seed Group B

තරගාවලිය ලොව පුරා විකාශය කෙරෙන අයුරු –

Leave a comment