SL vs IND : ඉන්දීය කණ්ඩායම දිවයිනට පැමිණෙයි

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද(22) පස්වරුවේ දිවයිනට පැමිණියා.
මෙම තරග සංචාරයේ දී දෙරට අතර T20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.
ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි 20 තරග තුන එළඹෙන 27, 28 හා 30 යන දිනයන්හී දී පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද, එක්දින තරග තුන අගෝස්තු 2, 4 හා 7 යන දිනයන්හී දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතයි.
මෙය ගෞතම් ගම්භීර් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ධූරය භාර ගැනීමෙන් පසුව ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරගාවලියයි.
එමෙන්ම ඉන්දීය විස්සයි 20 කණ්ඩායම සූර්යකුමාර් යාදව්ගේ නව නායකත්වය යටතේයි මෙම තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්‍තේ.