Ultimate magazine theme for WordPress.

SL v IND : පළමු තරගයට ක්‍රීඩා කළ හැකි කණ්ඩායම් හා විකාශන කටයුතු පිළිබද තොරතුරු මෙන්න

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය අද(27) ආරම්භ කිරීම සදහා මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතිනවා.

පළමු තරගය රාත්‍රී 7:00 ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත අතර, තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අලෙවි වී අවසන්ව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

සූර්යකුමාර් යාදව් හා චරිත් අසලංක ඉන්දීය හා ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නිත්‍ය නායකයින් ලෙස පත් වීමෙන් පසුව කණ්ඩායම් දෙක ක්‍රීඩා කරන පළමු ජාත්‍යන්තර තරගාවලිය වන්නේ ද මෙම තරගාවලියයි.

ගෞතම් ගම්භීර් ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් වීමෙන් පසුව ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගාවලිය ද මෙයයි. ශ්‍රී ලංකාව ද සනත් ජයසූරියගේ පුහුණුකාරීත්වය (වැඩබලන) යටතේ පළමු වරට තරග බිමට පිවිසෙනවා.

අසනීප තත්ත්වයන් හේතුවෙන් දුෂ්මන්ත චමීරට හා බිනුර ප්‍රනාන්දුටත්, ආබාධයකට ලක් වීම හේතුවෙන් නුවන් තුෂාරටත්, අද ආරම්භ වන විස්සයි 20 තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

ඔවුන් වෙනුවට අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුෂංක හා රමේෂ් මෙන්ඩිස් සංචිතයට කැදවීමටයි පියවර ගත්තේ.

අද තරගයට ක්‍රීඩා කළ හැකි යැයි අනුමාන කළ හැකි කණ්ඩායම් –

ශ්‍රී ලංකා කණ්ඩායම :

  • Pathum Nissanka, Kusal Mendis (wk), Kusal Perera, Kamindu Mendis, Charith Asalanka (c), Dasun Shanaka, Wanindu Hasaranga, Maheesh Theekshana, Asitha Fernando, Dilshan Madushanka, Matheesha Pathirana

ඉන්දීය කණ්ඩායම :

  • Yashasvi Jaiswal, Shubman Gill, Rishabh Pant (wk), Suryakumar Yadav (c), Hardik Pandya, 6 Shivam Dube, 7 Washington Sundar, 8 Axar Patel, 9 Arshdeep Singh, 10 Ravi Bishnoi/Khaleel Ahmed, 11 Mohammed Siraj

මේ අතර, තරගාවලිය රූපවාහිනිය, ගුවන් විදුලිය හා ඩිජිටල් මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කරන ආකාරය ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

Broadcasters

TV

• Sri Lanka (Pay): Ten Cricket, Dialog & IPTV – SLT
• Sri Lanka Free-To-Air TV: Siyatha TV
• India Subcontinent (excluding Pakistan): Sony Sports Network + Sony LIV
• Pakistan: Ten Sports Pakistan, Sony LIV & Tapmad
• Bangladesh: T Sports
• Middle East and South East Asia: Cricbuzz
• UK & Republic of Ireland: TNT Sport
• Sub-Saharan Africa: Supersport
• US: Willow by Cricbuzz
• Europe: Yupp TV
• Australia & New Zealand: Sony LIV

Radio

• Sri Lanka Free-To-Air Radio : Sri Lanka Broadcasting Corporation

Digital

• Sri Lanka : Sri Lanka Cricket Official YouTube Channel