SA20 තරගාවලියට වෙන් වූ ත්‍යාග මුදල නිවේදනය කෙරේ

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත නවතම 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන SA20 (එස් ඒ ට්වෙන්ටි) තරගාවලිය සදහා ත්‍යාග මුදල් ලෙස දකුණු අප්‍රිකානු රැන්ඩ් මිලියන 70 ක් වෙන් කර ඇති බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
අමෙරිකානු ඩොලර් මිලියන 4 ක පමණ අගයක් වන එම මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 146 ක පමණ වටිනාකමක් ගනු ලබනවා.
දකුණු අප්‍රිකානු ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ඉතිහාසයේ තරගාවලියක් සදහා වෙන් වූ ඉහළම ත්‍යාග මුදල් ප්‍රමාණය එයයි.
ජනවාරි 10 වැනිදා සිට පෙබරවාරි 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත තරගාවලියේ සමාරම්භක තරගය MI Cape Town හා Paarl Royals කණ්ඩායම් අතර කේප් ටවුන් හී දී පැවැත්වීමට නියමිතයි.
තරග 33 කින් යුත් තරගාවලියේ අවසන් මහා තරගය ජොහැනස්බර්ග් හි වොන්ඩරස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බව ද දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.
තරගාවලිය SuperSport නාලිකාවෙන් මෙන්ම ඉන්දියාවේ Viacom18 Sports නාලිකාවෙන් ද විකාශය කිරීමට නියමිතව තිබෙනවා.