Ultimate magazine theme for WordPress.

NZ v SL : දෙවැනි දිනයේ ආරම්භක වේලාවේ වෙනසක් ; හෙට කාළගුණ අනාවැකිය මෙන්න

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද (17) වෙලින්ටන් හි Basin Reserve ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ දිනයේ වැඩි ගෞරව නවසීලන්තයට හිමි කරමින්.

අද පෙරවරුවේ සිට පැවැති වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් තරගය නියමිත වේලාවට එනම් මෙරට වේලාවෙන් අලුයම 3:30 ට ආරම්භ කිරීමට නොහැකි වූ අතර, විනිසුරුවරුන් අවස්ථා කිහිපයකදී පිටිය පරීක්ෂා කිරීමෙන් පසුව තරගය මෙරට වේලාවෙන් පෙරවරු 6:40 ට ආරම්භ කිරීමටයි තීරණය කළේ.

අද දිනයේ දී පන්දුවාර 68 ක් ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබුණ ද, අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 48 ක් පමණයි.

දිනය නිමා වන විට තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 155 ක්.

අද දිනයේ දී අඩු පන්දුවාර සංඛ්‍යාවක් යොමු කිරීම හේතුවෙන් හෙට දිනයේ දී තරගය නියමිත වේලාවට පෙර ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නවසීලන්ත වේලාවෙන් පෙරවරු 11:00 ට ආරම්භ වීමට නියමිතව තිබූ තරගය හෙට දිනයේ දී පෙරවරු 10.30 ටයි ආරම්භ වන්නේ. එනම් ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 3:00 ට තරගය ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, හෙට දිනයේ දී ද වෙලින්ටන් ප්‍රදේශයට වර්ෂාව ඇති වීමේ සම්භාවිතාව 45% ක පමණ අගයක් ගනු ලබනවා.

ගිගිරුම් සහිත වැසි ඇති වීමේ සම්භාවිතාව 9% ක්. හෙට දිනයේ දී 19° ක පමණ උෂ්ණත්වයක් අපේක්ෂා කෙරෙනවා.

Leave a comment