Ultimate magazine theme for WordPress.

LPL 2024 : විනය විරෝධීව හැසිරුණු ග්ලේන් පිලිප්ස්ට වැඩ වරදියි

කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ නවසීලන්ත ක්‍රීඩක ග්ලේන් පිලිප්ස්ට එරෙහිව තරග ගාස්තුවෙන් 20% ක දඩ මුදලක් පනවා තිබෙනවා.

ඊට අමතරව ඔහුට එරෙහිව දඩුවම් ලකුණක් ද පැනවීමටයි LPL තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන ඇත්තේ.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට එරෙහිව පසුගිය 18 වැනිදා පැවැති Eliminator තරගයේ දී ඔහු විසින් LPL විනය නීති සංග්‍රහයේ 2.2 වගන්තිය උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වුණා.

එම තරගයේ දී තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දුවද්දී දැවී යාමෙන් පසු ග්ලේන් පිලිප්ස් විසින් දැඩි ආවේගයෙන් යුතුව සිය පිත්ත කිහිපවරක්ම විසි කරන ආකාරයක් දැක ගත හැකි වුණා. (දර්ශන පහතින්)

ඒ අනුව ඔහු විසින් පළමු මට්ටමේ වරදක් සිදු කර ඇති බවත්, එම වරද පිලිප්ස් විසින් පිළිගෙන ඇති බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය –

Glenn Phillips of the Colombo Strikers has been fined 20 percent of his match fee and handed a demerit point for breaching Article 2.2 of the Code of Conduct of the Lanka Premier League during a game between the Colombo Strikers and Kandy Falcons played on July 18.

The player was reported by the officiating umpires for abuse of cricket equipment or clothing, ground equipment, or fixtures and fittings during the match, which is a Level 1 offense.

Phillips, at the inquiry, admitted the offense.