LPL 2024 : ඩිල්ෂාන් මදුෂංකට දඩ සමග දඩුවම් ලකුණක්

දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකට තරග ගාස්තුවෙන් 10% ක දඩ මුදලක් පනවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඊට අමතරව ඔහුට එරෙහිව දඩුවම් ලකුණක් ද පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.
LPL විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කරමින් ඔහු විසින් පළමු මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන් මෙම දඩුවම පනවා ඇති බව සදහන්.
ජූලි 14 වැනිදා දඹුල්ල සික්සර්ස් කණ්ඩායම හා ගෝල් මාර්වල්ස් කණ්ඩායම අතර පැවැති තරගයේ දී නිරෝෂන් දික්වැල්ලගේ කඩුල්ල දවා ගැනීමෙන් පසුව මදුෂංක විසින් එය සැමරූ ආකාරය විනය විරෝධී බවටයි චෝදනා එල්ල වී තිබුණේ.
මේ සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනයේ දී ඩිල්ෂාන් මදුෂංක විසින් සිය වරද පිළිගෙන තිබෙනවා.