LPL 2024 : කැන්ඩි ෆැල්කන්ස් අවසන් වටයට – දඹුල්ල ඉවතට

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අද(16) සමත් වුණා.
ඒ, තරගාවලියේ 20 වැනි හෙවත් මූලික වටයේ අවසන් තරගයේදී දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍ය වූ සුදුසුකම් සපුරා ගැනීමට නොහැකි වීමත් සමගයි.
20 වැනි තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද රාත්‍රියේ ආරම්භ වූයේ දඹුල්ල කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතරයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 123 ක් පමණයි.
ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවන මහනුවර කණ්ඩායම අභිබවා අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැදී සිටින දඹුල්ල කණ්ඩායමට මෙම තරගය ඉහළ පරතරයක් සහිතව ජය ගැනීම අනිවාර්යය වුණා.
ඒ අනුව දඹුල්ල පිල ලකුණු 123 කට සීමා වීමත් සමග මහනුවර පිලේ ශුද්ධ ලකුණු වේගය අභිබවා අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට මෙම තරගයේ දී කොළඹ කණ්ඩායම ලකුණු 47 කට හෝ ඊට අඩුවෙන් සීමා කිරීමට සිදු වුණා.
නමුත්, එම ලකුණු සංඛ්‍යාවට අඩුවෙන් කොළඹ කණ්ඩායම සීමා කිරීමට දඹුල්ල පන්දු යවන්නන්ට නොහැකි වීමත් සමග සික්සර්ස් කණ්ඩායමට මෙවර තරගාවලියෙන් ඉවත් වීමටයි මේ වන විට සිදුව ඇත්තේ.
තරගාවලියේ අවසන් වටය සදහා ගෝල් මාර්වල්ස්, ජැෆ්නා කිංග්ස් හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් මීට පෙරම සුදුසුකම් ලබා තිබුණා.
— cric sl (@cricslvideo) July 16, 2024