Ultimate magazine theme for WordPress.

LPL පළමු ශතකලාභියා චෝදනා ප්‍රතික්ෂේප කරයි ; BBL තරගාවලියෙනුත් ඉවත් කෙරේ

මෙම වසරේ බ්‍රිතාන්‍යයේ පැවැති ‘The Hundred'(ද හන්ඩ්‍රඩ්) හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දී තමා තහනම් උත්තේජක ලබා ගැනීමක් සිදු නොකළ බව මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායමේ පිතිකරු ලොරී එවන්ස් පවසනවා.

එම තරගාවලියේ දී සිදු කළ තහනම් උත්තේජක පරීක්ෂාවකදී ඔහු තහනම් උත්තේජක ලබා ගෙන ඇති බවට සනාථ වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත්තේ.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය මත දෙසැම්බර් මස මැද ආරම්භ වීමට නියමිත මෙවර ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ලොරී එවන්ස් සමග පැවැති ගිවිසුම අත්හිටුවීමට Perth Scorchers (පර්ත් ස්කෝචර්ස්) කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.

මෙලෙස තහනම් උතතේජක ලබා ගත් බවට අදාළ පරීක්ෂණයෙන් තහවුරු වීමට හේතුව තමා නොදන්නා බවයි එවන්ස් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, එය සිදු වූයේ කෙසේදැයි තමා හා තම කණ්ඩායම පරීක්ෂා කරමින් සිටින බවත්, එය සොයා ගැනීම සදහා තමා හැකි සෑම දෙයක් ම සිදු කරන බවත් ලොරී එවන්ස් සදහන් කළා.

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියට ද ක්‍රීඩා කර ඇති එවන්ස්, එල්.පී.එල් ඉතිහාසයේ පළමු ශතකය වාර්තා කළ පිතිකරුවා ලෙසයි ඉතිහාසගතව ඇත්තේ.

2020 තරග වාරයේ දී කලම්බු කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායමට එරෙහිව එංගලන්ත ක්‍රීඩක ලොරී එවන්ස් එම ශතකය වාර්තා කරනු ලැබුවා.

Show Comments (1)