Ultimate magazine theme for WordPress.

IPL 2024 : මැතිව් වේඩ්ට ටයිටන්ස් පළමු තරගය අහිමි වෙයි

ඔස්ට්‍රේලියානු කඩුලු රකින පිතිකරුවෙකු වන මැතිව් වේඩ්ට 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ක්‍රීඩා කරන ආරම්භක තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන Sheffield Shield තරගාවලියේ අවසන් තරගය සදහා Tasmania කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට නියමිතව සිටින බැවින්.

අවසන් තරගය මාර්තු 21 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ අනුව ඔහුට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග මාර්තු 25 වැනිදා පැවැත්වෙන තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ක්‍රීඩා කරන දෙවැනි තරගය පැවැත්වෙන්නේ මාර්තු 27 වැනිදා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිවයි. එම තරගය සදහා ඔහුට බොහෝ විට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති.

ටයිටන්ස් කණ්ඩායම ක්‍රීඩා කරන තෙවැනි තරගය සන්රයිසස් හයිදරාබාද් පිලට එරෙහිව මාර්තු 31 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Leave a comment