Ultimate magazine theme for WordPress.

IPL 2024 : ආබාධවලට ලක් වූ ක්‍රීඩකයින් තිදෙනෙකු ගැන ඉන්දියාවෙන් නිවේදනයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට දින 10 ක් පමණක් ඉතිරිව ඇති පසුබිමක ඉන්දීය ප්‍රධාන ක්‍රීඩකයින් තිදෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු යාවත්කාලීන කිරීමක් ඇතුළත් මාධ්‍ය නිවේදනයක් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2022 වසරේ දෙසැම්බර් 30 වැනිදා උත්තර්කන්ද් ප්‍රදේශයේ දී දරුණු රිය අනතුරකට මුහුණ දුන් කඩුලු රකින පිතිකරු රිෂාබ් පාන්ට් එළඹෙන අයි.පී.එල් තරග වාරය සදහා ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

රිය අනතුරෙන් පසුව සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වීම සදහා පාන්ට් මාස 14 ක කාලයක් පුනරුත්තාපන ක්‍රියාවලියට යටත්ව සිටියා.

ඒ අනුව මේ වන විට ඔහු 2024 අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් කඩුලු රකින පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට සුදුසු යෝග්‍යතාවයක සිටින බව නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදනයේ සදහන්.

මේ අතර, වේග පන්දු යවන්නන් වන ප්‍රසිද් ක්‍රිෂ්නාට හා මොහමඩ් ෂාමිට එළඹෙන අයි.පී.එල් තරග වාරය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද තහවුරු කළා.

ඔවුන් දෙදෙනාම ආබාධ හේතුවෙන් ශල්‍යකර්මවලට ලක්ව සිටින අතර, ඉදිරියේ දී අවශ්‍ය පුනරුත්තාපන ක්‍රියාවලියන්හි නිරත වනු ඇති.

Leave a comment