IPL ශූරතාවය සමග බෙදී ගිය සියලු සම්මාන හා ත්‍යාග මුදල් මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි අදියර ඊයේ(26) රාත්‍රියේ දී නිමාව දුටුවේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට තෙවැනි වරටත් අයි.පී.එල් ශූරතාවය හිමි කර දෙමින්.
සුපිරි බොලිවුඩ් නලු ශාරුක් ඛාන්ගේ හිමිකාරීත්වයෙන් යුත් නයිට් රයිඩර්ස් කණ්ඩායම හමුවේ චෙන්නායි හී දී පැවැති අවසන් මහා තරගයේ දී පරාජයට පත් වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.
නයිට් රයිඩර්ස් කණ්ඩායමට ශූරතා කුසලානය සමග හිමි වූ ත්‍යාග මුදල ඉන්දීය රුපියල් කෝටි 20 ක්. (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 72 ක් පමණ)
විශේෂත්වය වන්නේ මෙවර අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටක් වෙන්දේසියේ දී මිලදී ගැනීමට ද ඊට වඩා වැඩි මුදලක් ගෙවා තිබීමයි. ඔහු ඉන්දීය රුපියල් කෝටි 24.75 ක වාර්තාගත මුදලකටයි අලෙවි වුණේ. සන්රයිසස් හයිදරාබාද් නායක පැට් කමින්ස් ද ඉන්දීය රුපියල් කෝටි 20.5 ක මුදලකටයි සන්රයිසස් කණ්ඩායම විසින් වෙන්දේසියේ දී මිලදී ගත්තේ.
තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 12.5 ක මූල්‍ය ත්‍යාගයක් හිමි වුණා.
2024 IPL තරගාවලියේ අවසන් මහා තරගයෙන් අනතුරුව ප්‍රධාන සම්මාන හා ත්‍යාග මුදල් බෙදී ගියේ පහත සදහන් ආකාරයෙනුයි.
- Champions: Kolkata Knight Riders – INR 20 crore
- Runners-up: Sunrisers Hyderabad – INR 12.5 crore
- Most Valuable Player : Sunil Narine (KKR) – INR 10 lakh
- Orange Cap : Virat Kohli (RCB) – 741 runs – INR 10 lakh
- Purple Cap : Harshal Patel (PBKS) – 24 wickets – INR 10 lakh
- Emerging Player : Nitish Kumar Reddy (SRH) – INR 10 lakh
- Catch of the Season : Ramandeep Singh (KKR) – INR 10 lakh
- Electric Striker of the Season : Jake Fraser-McGurk (DC) – INR 10 lakh
- Ultimate Fantasy Player of the Season : Sunil Narine (KKR) – INR 10 lakh
- Super Sixes of the Season : Abhishek Sharma (SRH) – 42 sixes – INR 10 lakh
- On-The-Go 4s of the Season : Travis Head (SRH) – 64 fours – INR 10 lakh
- Fairplay Award : Sunrisers Hyderabad – INR 10 lakh
- Player of the Match (Final) – Mitchell Starc (INR 5 lakh)