IPL වෙන්දේසියට ක්‍රීඩකයින් 1,166 ක් ලියාපදිංචි වෙයි ; විදෙස් ක්‍රීඩකයින් 336 ක්

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1,166 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව මිචෙල් ස්ටක්, පැට් කමින්ස්, ට්‍රැවිස් හෙඩ්, ඩැරල් මිචෙල්, ජොෂ් හේසල්වුඩ් හා රචින් රවීන්ද්‍ර වැනි නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් වෙන්දේසිය සදහා සිය නම් ඉදිරිපත් කර ඇති බව සදහන්.
කෙසේ වෙතත්, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් නිදහස් කළ ජොෆ්ර ආචර් වෙන්දේසිය සදහා ලියාපදිංචි වී නැහැ.
ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයින් 1,166 දෙනාගෙන් 830 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වනවා. 336 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් වන බවයි ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.
මේ වන විට ජාත්‍යන්තර වරම් දිනූ ක්‍රීඩකයින් 212 දෙනෙකු හා ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 909 දෙනෙකු මෙන්ම ටෙස්ට් වරම් හිමි නොමැති රටවලින් ක්‍රීඩකයින් 45 දෙනෙකු ද වෙන්දේසිය සදහා ලියාපදිංචි වී තිබෙනවා.
ඉන්දීය ක්‍රීඩකයින් 830 දෙනා අතරින් 18 දෙනෙකු ජාත්‍යන්තර වරම් දිනූ ක්‍රීඩකයින්.
එනම්, Varun Aaron, KS Bharat, Kedar Jadhav, Siddarth Kaul, Dhawal Kulkarni, Shivam Mavi, Shahbaz Nadeem, Karun Nair, Manish Pandey, Harshal Patel, Chetan Sakariya, Mandeep Singh, Barinder Sran, Shardul Thakur, Jaydev Unadkat, Hanuma Vihari, Sandeep Warrier හා Umesh Yadav යන ක්‍රීඩකයින්.
ඒ අතරින් Harshal Patel, Kedar Jadhav, Shardul Thakur හා Umesh Yadav යන ක්‍රීඩකයින් මූලික වටිනාකම ඉන්දීය රුපියල් කෝටි දෙකක් වන කාණ්ඩයෙන් ලියාපදිංචි වී තිබෙනවා.
කෙසේ වෙතත්, ලියාපදිංචි වූ සම්පූර්ණ ක්‍රීඩක ලැයිස්තුව තරගාවලියේ සංවිධායකයින් විසින් මෙතෙක් නිල වශයෙන් මාධ්‍ය වෙත නිවේදනය කර නැහැ.
2024 අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 19 වැනිදා ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.
වෙන්දේසියේ දී උපරිම වශයෙන් ක්‍රීඩකයින් 77 දෙනෙකු අලෙවි වීමට නියමිත අතර, විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු ද මේ වන විට සංචිත සදහා පුරප්පාඩු වී පවතිනවා.