Ultimate magazine theme for WordPress.

IPL නිසා විලියම්සන්ට ලෝක කුසලානයත් අහිමි වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී පන්දු රකිමින් සිටියදී සිදු වූ ආබාධය හේතුවෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන්ට මෙම වසරේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමට ඉඩ ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

දකුණු දණහිසේ සිදු වූ එම ආබාධය හේතුවෙන් ඔහුට ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදු වන බවටයි නවතම වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව ලෝක කුසලානයට පෙර ඔහුට මෙම ආබාධයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබීමට නොහැකි වනු ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

ඉදිරි සති 3ක කාලය අතරතුර දී විලියම්සන් ශල්‍යකර්මයට මුහුණ දීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ඔහු මාස 6ක පමණ කාලයක් සිය ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීම සදහා පුනරුත්තාපන කටයුතුවල නිරත වීමට නියමිතයි.

Leave a comment