Ultimate magazine theme for WordPress.

IPL තරගාවලියට කොවිඩ් රිංගයි

වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂිට් රානා මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග වෙනුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගතව තිබෙනවා.

ඒ, කොල්කටා කණ්ඩායමේ රසික් සලාම් පිට කොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

රසික් සලාම් මෙවර අයි.පී.එල් තරගාවලියේ දී කොල්කටා පිල වෙනුවෙන් තරග දෙකකට ක්‍රීඩා කළ නමුත්, ආබාධය හේතුවෙන් ඔහුට තරගාවලියේ ඉතිරි තරග අහිමි වී තිබෙනවා.

ඉන්දීය රුපියල් ලක්ෂ 20ක මුදලකටයි හර්ෂිට් රානා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග එක්ව ඇත්තේ.

මේ අතර, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ භෞත චිකිත්සක Patrick Farhart හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අයි.පී.එල් තරගාවලියේ සංවිධායක මණ්ඩලය නිවේදනය කළා.

මේ වන විට කැපිටල්ස් කණ්ඩායමේ වෛද්‍ය කණ්ඩායම ඔහුගේ තත්ත්වය පිළිබද සමීපව පරීක්ෂාවට ලක් කරමින් සිටින බව සදහන්.

Leave a comment