Ultimate magazine theme for WordPress.

IPL ඉතිරි තරග කාලසටහන නිවේදනය කෙරේ – කණ්ඩායම් කාණ්ඩගත කර ඇති අයුරු මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සම්පූර්ණ තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අද(25) නිවේදනය කළා.

පෙබරවාරි 22 වැනිදා එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරගාවලියේ පළමු සති දෙක සදහා ඇතුළත් තරග 21 ට අදාළ තරග කාලසටහන පමණක් නිවේදනය කළේ එරට මහමැතිවරණය පැවැත්වෙන දින ඒ වන විට ප්‍රකාශයට පත් කර නොතිබූ බැවින්.

මේ වන විට මහමැතිවරණයේ දින ප්‍රකාශයට පත් කර ඇති බැවින් ඉතිරි තරග සදහා වන තරග කාලසටහන ද සකස් කර අවසන් කර තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය මැයි 26 වැනිදා චෙන්නායි හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. චෙන්නායි හී දී අයි.පී.එල් තරගාවලියක අවසන් මහා තරගයක් මෙලෙස පැවැත්වෙන්නේ වසර 12 කට පසුව වීම විශේෂත්වයක්.

තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය හෙවත් qualifier 1 තරගය මැයි 21 වැනිදා ද, අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් eliminator තරගය මැයි 22 වැනිදා ද අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිතයි.

අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් qualifier 2 තරගය චෙන්නයි හී දී පැවැත්වෙන්නේ මැයි 24 වැනිදායි.

අද නිවේදනය කෙරුණු දෙවන තරග කාලසටහනට තරග 52 ක් ඇතුළත්. අප්‍රේල් 8 වැනිදා සිට පැවැත්වෙන තරග මෙම කාලසටහනට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර, තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 10 පසුගිය වසරේ දී මෙන්ම මෙවරත් කාණ්ඩ දෙකකට වෙන් කර ඇත්තේ එක් කාණ්ඩයකට කණ්ඩායම් පහ බැගින් ඇතුළත් වන අයුරින්.

සෑම කණ්ඩායමක්ම සිය කාණ්ඩයේ සිටින සෙසු කණ්ඩායම් 4 සමගින් දෙවරක් ක්‍රීඩා කිරිමට නියමිත අතර, අනෙක් කාණ්ඩයේ රැදී සිටින කණ්ඩායම් 4ක් සමග එක්වරක් බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඊට අමතරව ප්‍රතිවිරුද්ධ කාණ්ඩයේ ඉතිරිවන අනෙක් කණ්ඩායම සමග (කුසපත් ඇදීමකින් එම කණ්ඩායම තෝරා ගනු ලබනවා) දෙවරක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

කණ්ඩායම් කාණ්ඩගත කර ඇති අයුරු හා තරග කාලසටහන –

espncricinfo

 

BCCI

Leave a comment