ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම නිවේදනය කෙරේ

ජූලි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(3) ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව එම නම් අතරට එංගලන්ත, ශ්‍රී ලංකා හා ප්‍රංශ ක්‍රීඩකයෙකු ඇතුළත්ව සිටිනවා.
එංගලන්ත පිතිකරු ජොනී බෙයාර්ස්ටව්, ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය හා ප්‍රංශ පිතිකරු Gustav McKeon යන ක්‍රීඩකයිනුයි එම නිර්දේශිත නාම අතරට ඇතුළත්ව ඇත්තේ.
ප්‍රභාත් ජයසූරිය ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් අතර, එම තරගයේ දී කඩුලු 12 ක් දවා ගැනීමට ඔහු සමත් වුණා.
පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී ද ඉහළ දක්ෂතා දැක් වූ ඔහු සිය පළමු ටෙස්ට් තරග තුන අවසන් වන විට බිද හෙලා ඇති කඩුලු ගණන 29 ක්.