Ultimate magazine theme for WordPress.

ICC තහනම ඉවත් කර ගැනීම ගැන තීරණ ගැනීමේ බලය අමාත්‍ය අනු කමිටුවට ; ක්‍රීඩා ඇමතිගෙනුත් නිවේදනයක්

මේ වන විට ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තහනම ඉවත් කිරීමට අදාළ කටයුතු මෙහෙයවීමත්, යම් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කර වහාම තීරණ ගැනීමේ බලයත්, ක්‍රිකට් සඳහා පත්කර ඇති විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනු කමිටුව වෙත පැවරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

ඊයේ (13) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී එම තීරණය ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය අද නිවේදනය කළේ.

එමෙන්ම මින් ඉදිරියට අතුරු කමිටු පත් කරන්නේ නම් ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අත්‍යාවශ්‍ය බවට ද කැබිනට් මණ්ඩලයේ දී තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සදහන්.

කෙසේ වෙතත්, මෙම නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මින් ඉදිරියට අතුරු කමිටු පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු නොවූ බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු කැබිනට් නියෝගයක් ලබා දී නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.