Ultimate magazine theme for WordPress.

ICC තහනම් කළ ‘පරෙවියා සහ ඔලිව් ශාඛා සංකේතය’ පැළද කවාජා BBL පිටියට

ඔස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජා සිය පාවහන්වල හා පිත්තේ පරෙවියා සහ ඔලිව් ශාඛා සංකේතය සටහන් කර ගනිමින් මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලියේ දී පර්ත් ස්කෝචර්ස් කණ්ඩායමට එරෙහිව බ්‍රිස්බේන් හී දී පැවැති තරගය සදහා ක්‍රීඩා කර තිබෙනවා.

මෙය සටහන් කර ගනිමින් නිමා වූ පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමට ඔහු උත්සාහ දැරූ නමුත්, ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඊට අවසර ලබා දුන්නේ නැහැ.

කෙසේ වෙතත්, ඒ සදහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දී තිබුණා.

ඒ අනුව බිග් බෑෂ් ලීග් තරගාවලිය අයි.සී.සී අධීක්ෂණය යටතේ නොපැවැත්වෙන දේශීය තරගාවලියක් වන බැවින් ඔහු එම තරගාවලියේ දී මෙලෙස පරෙවියා සහ ඔලිව් ශාඛා සංකේතය සටහන් කර ගනිමින් ක්‍රීඩා කිරීමට පියවර ගෙන තිබෙනවා.

ගාසා තීරයේ මානුෂීය අර්බුදය පිළිබඳව දැනුවත් කිරීම සඳහායි ඔහු එලෙස සටහන් කර තිබුණේ.

“all lives are equal” හා “freedom is a human right” යනුවෙන් සදහන් වදන් සිය සපත්තුවල සටහන් කර ගනිමින් පාකිස්තානය සමග පර්ත් හී දී පැවැති ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට කවාජා සූදානම්ව සිටි නමුත් ජගත් ක්‍රිකට් කවුන්සලය ඊට ඉඩ ලබා දුන්නේ නැහැ.

කෙසේ වෙතත්, එම වදන් සහිග සපත්තු පැළදීම වෙනුවට උස්මාන් කවාජා කලු පටියක් පැළද පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ ද ගාසා අර්බුදය පිළිබද අවධානය යොමු කිරීමේ අරමුණින්.

Leave a comment