ICC උප සභාපති හා ක්‍රීඩා ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකා සංචාරයක නිරතව සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී) උප සභාපති ඉම්රාන් ක්වාජා හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක් ඊයේ (11) සිදු වුණා.
ක්‍රීඩා අමාත්‍යංශයේ දී මෙම හමුව සිදු වූ බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කළේ.
පලදායි සාකච්ඡාවක් මෙහිදී පැවැති බවත්, අයි.සී.සීය සහ ක්‍රීඩා අමාත්‍යාංශය අතර අන්‍යෝන්‍ය ගෞරවයේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණු බවත් අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයේ සදහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනයට එල්ල වන බව කියන දේශපාලන මැදිහත්වීම් පිළිබඳ සොයා බැලීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයෙකු ලෙස අයි.සී.සී උප සභාපති ඉම්රාන් ක්වාජා කටයුතු කරනවා.
පසුගිය 10 වැනිදා පෙරවරුවේ ඔහු දිවයිනට පැමිණියේ දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් වන චෝදනා පිළිබද කරුණු සෙවීම සදහායි.
ඉම්රාන් ක්වාජා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සමග හා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සමග ද එදින සාකච්ඡා පවත්වා තිබුණා.
Had a fruitful meeting with ICC VP Mr. Khwaja at @MoYS_SriLanka. Emphasized the importance of mutual respect between ICC and Sports Ministry. It's good to note the positives response of ICC and Collaborative efforts in this manner can enhance #SL cricket and benefit our players pic.twitter.com/R5awTRp3oh
— Roshan Ranasinghe (@R_A_Ranasinghe) May 11, 2023