ENG vs WI : එංගලන්තය ලකුණු 207 ක් ඉදිරියෙන්
Day 3 Report

එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (20) නිමා වුණේ තරගයේ තරමක වැඩි වාසි එංගලන්තයට හිමි කර දෙමින්.
දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 248 ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 207 ක්.
බෙන් ඩකට් ලකුණු 76 ක් හා ඔලී පෝප් ලකුණු 51 ක් රැස් කළා. හැරී බෘෘක් නොදැවී ලකුණු 71 ක් ද, ජෝ රූට් නොදැවී ලකුණු 37 ක් ද ලබා සිටිනවා. පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් කඩුලු 2 ක් දවා ගත්තා.
නොටින්හැම් හී දී පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 5 ක් දැවී ලකුණු 351 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 457 ක්.
කවෙම් හොඩ්ජ් ලකුණු 120 ක් රැස් කළ අතර, Alick Athanaze ලකුණු 82 කට දැවී ගියා. ජොෂුවා ද සිල්වා නොදැවී ලකුණු 82 ක් ලබා ගත්තා. කොදෙව් අවසන් කඩුල්ල ලෙස පිටියට පිවිසි ශමාර් ජෝසප් ලකුණු 33 ක් රැස් කිරීම ද කැපී පෙනුණා. ඔහු හා ජොෂුවා අතර 10 වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 71 (78) ක්.
පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් කඩුලු 4 ක් දවා ගත් අතර, ගස් ඇට්කින්සන් හා ශොයිබ් බෂීර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 416 ක්.