Emerging Teams Asia Cup : දුනිත්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කෙරේ
නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය (ACC Emerging Teams Asia Cup) සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
කඩුලු රකින්නන් ලෙස මිනෝද් භානුක හා ලහිරු උදාර මෙම සංචිතයට නම් කර තිබෙනවා.
අවිශ්ක ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, සහන් ආරච්චිගේ, ජනිත් ලියනගේ, බිනුර ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, ප්‍රමෝද් මදුෂාන් හා දුෂාන් හේමන්ත වැනි ක්‍රීඩකයින් ද සංචිතයට ඇතුළත්.
හෙට (ජූලි 13) ආරම්භ වන තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 8 ක් ක්‍රීඩා කරනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය යන අයි.සී.සී පූර්ණ සාමාජික රටවල A කණ්ඩායම් මෙම තරගාවලියට එක්වන අතර, 2023 ආසියානු ප්‍රිමියර් කුසලාන තරගාවලියේ ඉදිරියෙන්ම පසු වූ රටවල් 3 වන නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඕමානය යන රටවල් ද තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
තරගාවලියේ සියලු තරග කොළඹ ක්‍රීඩාංගන 4කදී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ආර්. ප්‍රේමදාස, පී සරා ඕවල්, එස්.එස්.සී හා සී.සී.සී යන ක්‍රීඩාංගනවලදී තරග පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
තරගාවලියේ පළමු තරගය හෙට ශ්‍රී ලංකා A කණ්ඩායම හා බංග්ලාදේශ A කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා A සංචිතය හා තරග කාලසටහන –
1) Dunith Wellalage – (c)
2) Pasindu Sooriyabandara
3) Minod Bhanuka (wk)
4) Avishka Fernando
5) Lasith Croospulle
6) Sahan Arachchige
7) Ashen Bandara
8) Lahiru Udara (wk)
9) Janith Liyanage
10) Binura Fernando
11) Lahiru Samarakoon
12) Isitha Wijesundera
13) Chamika Karunaratne
14) Pramod Madushan
15) Dushan Hemantha
