Ultimate magazine theme for WordPress.

CPL තරගාවලියට සමගාමීව කාන්තා තරගාවලියක්

2022 කැරිබියන් ප්‍රිමියර් ලීග්(CPL) තරගාවලියට සමගාමීව කාන්තා 20යි 20 තරගාවලියක් ද පැවැත්වීමට තීරණය කර ඇති බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය පවසනවා.

එම තරගාවලිය සදහා කාන්තා කණ්ඩායම් 3ක් එක්වීමට නියමිතයි.

Barbados Royals, Guyana Amazon Warriors හා Trinbago Knight Riders යන කණ්ඩායම් තරගාවලියට තරග කිරීමට නියමිතව තිබෙනවා.

සී.පී.එල් පිරිමි තරගාවලිය අගෝස්තු 30 වනදා සිට සැප්තැම්බර් 30 වනදා අතර පැවැත්වීමට නියමිත අතර, එම කාලයේ දී ම කාන්තා තරගාවලිය ද පැවැත්වෙනු ඇති.

මෙවර සී.පී.එල් තරගාවලියේ මූලික වටයේ තරග කැරිබියන් රාජ්‍යයන් තුනකදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අවසන් මහා තරග වෙනත් කැරිබියානු රාජ්‍යයකදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

Leave a comment