Ultimate magazine theme for WordPress.

BBL තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු තෝරා ගැනේ ; කවුද මේ රුවන්ත කැල්ලපොත ?

ශ්‍රී ලංකා පා දග පන්දු යවන ක්‍රීඩක රුවන්ත ප්‍රසාද් කැල්ලපොත මෙවර ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

මෙවර තරග වාරය වෙනුවෙන් එම කණ්ඩායමේ පළමු ආදේශක විදෙස් ක්‍රීඩකයා වන්නේ 31 හැවිරිදි ඔහුයි.

ඔහු මෙරට පළමු පෙල තරගයක් අවසන් වරට ක්‍රීඩා කර ඇත්තේ 2013 වසරේ දී යි.

අනතුවරු රුවන්ත ප්‍රසාද් පසුගිය දශකයක පමණ කාලයේ දී මෙල්බර්න් හි ක්‍රීඩා සමාජ තරග සදහා ක්‍රීඩා කළා.

පළමුව Dandenong දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය නියෝජනය කළ ඔහු, පසුගිය ගිම්හාන තරග වාරයේ දී Casey-South Melbourne කණ්ඩායම නියෝනය කරමින් ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළා. එම තරග වාරයේ දී ඔහු බිද හෙලූ කඩුලු ගණන 46 ක්.

Victoria’s 2nd XI කණ්ඩායම වෙනුවෙන් ද රුවන්ත ප්‍රසාද් කැල්ලපොත ක්‍රීඩා කර තිබෙනවා.

එම තරගවලදී දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහු පසුගිය මාසයේ දී මෙල්බර්න් රෙනෙගේඩ්ස් ඇකඩමි සංචිතය සදහා ද තෝරා ගනු ලැබුවා.

ඔහු මෙල්බර්න් රෙනෙගේඩ්ස් චැම්පියන්ස් ලීග් තරගාවලිය ද තරග වාර දෙකකදී ක්‍රීඩා කර ඇති අතර, සවුත් වේල්ස්හි 2019 වසරේ පැවැති multicultural T20 තරගාවලියේ දී මෙල්බර්න් රෙනෙගේඩ්ස් නියෝජනය කරමින් ක්‍රීඩා කර තිබුණා.

බිග් බෑෂ් ලීග් තරගාවලියේ 12 වැනි අදියර දෙසැම්බර් 13 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Squad (so far):

Nic Maddinson (C), Zak Evans, Aaron Finch, Jake Fraser-McGurk, Sam Harper, Mackenzie Harvey, Akeal Hosein*, Ruwantha Kellapotha*, Liam Livingstone*, Shaun Marsh, Jack Prestwidge, Kane Richardson, Tom Rogers, Will Sutherland, Mujeeb Ur Rahman*, Jon Wells

(*Denotes international player)

Leave a comment