Ultimate magazine theme for WordPress.

ACC Emerging Teams Asia Cup : රටවල් 3ක් හෙට දිවයිනට

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය (ACC Emerging Teams Asia Cup) ක්‍රීඩා කිරීම සදහා කණ්ඩායම් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිනවා.

හෙට (10) දිනයේ ඉන්දීය, ඕමාන හා නේපාල කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඕමාන කණ්ඩායම පෙරවරු කාලයේ දී ද, ඉන්දීය කණ්ඩායම දහවල් කාලයේ දී ද, නේපාල කණ්ඩායම සවස් කාලයේ දී ද දිවයිනට පැමිණීමට නියමිතයි.

පාකිස්තාන කණ්ඩායම ජූලි 11 වැනිදා මෙරටට පැමිණෙන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ජූලි 12 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය මේ වන විටත් දිවයිනට පැමිණ ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ජූලි 13 වැනිදා ආරම්භ වන තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 8 ක් ක්‍රීඩා කරනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය යන ටෙස්ට් රටවල A කණ්ඩායම් මෙම තරගාවලියට එක්වන අතර, 2023 ආසියානු ප්‍රිමියර් කුසලාන තරගාවලියේ ඉදිරියෙන්ම පසු වූ රටවල් 3 වන නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඕමානය යන රටවල් ද තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ සියලු තරග කොළඹ ක්‍රීඩාංගන 4කදී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ආර්. ප්‍රේමදාස, පී සරා ඕවල්, එස්.එස්.සී හා සී.සී.සී යන ක්‍රීඩාංගනවලදී තරග පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර ඇති සංචිත හා තරග කාලසටහන –

India A squad:

Sai Sudharsan, Abhishek Sharma (VC), Nikin Jose, Pradosh Ranjan Paul, Yash Dhull (C), Riyan Parag, Nishant Sindhu, Prabhsimran Singh (wk), Dhruv Jurel (wk), Manav Suthar, Yuvrajsinh Dodiya, Harshit Rana, Akash Singh, Nitish Kumar Reddy, Rajvardhan Hangargekar

Pakistan Shaheens Squad:

Mohammad Haris (C, wk), Omair Bin Yousuf (vice-captain) , Amad Butt , Arshad Iqbal, Haseebullah, Kamran Ghulam, Mehran Mumtaz, Mubasir Khan, Mohammad Wasim Jnr, Qasim Akram , Sahibzada Farhan , Saim Ayub , Shahnawaz Dahani , Sufiyan Muqeem , Tayyab Tahir

Bangladesh A Squad :

Mohammed Saif Hassan (C), Mohammad Parvez Hossain Emon, Tanzid Hasan Tamim, Shahadat Hossain, Mahmudul Hasan Joy, Zakir Hasan (VC), Soumya Sarkar, Shak Mahedi Hasan, Rakibul Hasan, Mohammad Mrittunjoy Chowdhury Nipun, Tanzim Hasan Sakib, Ripon Mondol, Mohammad Musfik Hasan, Akbar Ali, Naim Sheikh

Afghan Abdalyan Squad :

Shahidullah Kamal (Skipper), Ikram Alikhil (WK), Ishaq Rahimi (WK), Riaz Hassan, Ihsanullah Jannat, Noor Ali Zadran, Zubaid Akbari, Baheer Shah, Allah Noor Nasiri, Sharafuddin Ashraf, Izharulhaq Naveed, Wafadar Momand, Ibrahim Abdulrahimzai, Salim Safi, Zia Ur Rehman Akbar, and Bilal Sami.

Nepal’s squad:

Rohit Paudel (C), Kushal Bhurtel, Aasif Sheikh, Dev Khanal, Aarif Sheikh, Kushal Malla, Sundeep Jora, Gulshan Jha, Sompal Kami, Surya Tamang, Shyam Dhakal, Bhim Sarki, Pratish GC, Lalit Rabanshi, Arjun Saud, Kishore Mahato

© ACC