42 වැනි වරටත් රංජි කුසලානය මුම්බායි කණ්ඩායමට

ඉන්දියාවේ පැවැති මෙවර රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මුම්බායි කණ්ඩායම අද(14) සමත් වුණා.
ඒ, අවසන් තරගයේ දී විදර්භා කණ්ඩායම පරදා ලකුණු 169 ක ජයක් වාර්තා කරමින්.
මෙය මුම්බායි කණ්ඩායම රංජි කුසලානය ජය ගත් 42 වැනි අවස්ථාව වීම විශේෂත්වයක්.
මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිල සියලු දෙනා දැවී ලකුණු 224 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස විදර්භා කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 105 ක්.
මුම්බායි පිල සිය දෙවැනි ඉනිමට ලකුණු 418 ක් රැස් කළේ තරගය ජය ගැනීම සදහා විදර්භා පිලට ලකුණු 538 ක දැවැන්ත ඉලක්කයක් හිමි කර දෙමින්.
කෙසේ වෙතත්, තරගයේ පස්වැනි හා අවසන් දිනය වූ අද දිනයේ දී විදර්භා කණ්ඩායම සිය දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 368 ක් පමණයි.