Ultimate magazine theme for WordPress.

2024 T20 ලෝක කුසලානයේ තරග පැවැත්වෙන ආකෘතිය මෙන්න

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී ඇමෙරිකාවේ දී පැවැත්වීමට නියමිත 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීම සදහා තවත් ඉතිරිව ඇත්තේ මාස හයක පමණ කාලයක්.

ක්‍රීඩා කරන රටවල් ප්‍රමාණය 20ක් දක්වා ඉහළ නංවා ඇති එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා මේ වන විටත් සියලු රටවල් සුදුසුකම් ලබා අවසන්.

තරග 55ක් ඇතුළත් තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ 4ක් යටතේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එක් කාණ්ඩයකට රටවල් 5 බැගින් ඇතුළත් කෙරෙන අතර, සෑම කාණ්ඩයකම පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා රටවල් සුපිරි 8 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

සුපිරි 8 වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර, එක් කාණ්ඩයකට රටවල් 4 බැගින් ඇතුළත් කෙරෙනවා.

අනතුරුව එක් එක් කාණ්ඩයේ ඉදිරියෙන් පසුවන රටවල් දෙක බැගින් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබන අතර, අවසන් පූර්ව තරගවලින් ජය ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

20යි 20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ රටවල් 20 –

  1. West Indies (Hosts)
  2. United States (Hosts)
  3. Australia (Top 8 teams from the 2022 tournament)
  4. England (Top 8 teams from the 2022 tournament)
  5. India (Top 8 teams from the 2022 tournament)
  6. Netherlands (Top 8 teams from the 2022 tournament)
  7. New Zealand (Top 8 teams from the 2022 tournament)
  8. Pakistan (Top 8 teams from the 2022 tournament)
  9. South Africa (Top 8 teams from the 2022 tournament)
  10. Sri Lanka (Top 8 teams from the 2022 tournament)
  11. Afghanistan (Next 2 teams from the rankings)
  12. Bangladesh (Next 2 teams from the rankings)
  13. Ireland (Europe Qualifier)
  14. Scotland (Europe Qualifier)
  15. Papua New Guinea (East Asia-Pacific Qualifier)
  16. Canada (Americas Qualifier)
  17. Nepal (Asia Qualifier)
  18. Oman (Asia Qualifier)
  19. Namibia (Africa Qualifier)
  20. Uganda (Africa Qualifier)
Leave a comment