Ultimate magazine theme for WordPress.

2024 T20 ලෝක කුසලානයට ඉන්දීය කණ්ඩායමේ නායකයා ප්‍රකාශයට පත් කෙරේ

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම රෝහිත් ෂර්මාට පැවරී තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් විසින් මේ බව තහවුරු කර සිටියේ රාජ්කොට්හි පැවැති වැඩසටහනකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ගේ ධූර කාලය ද 20යි 20 ලෝක කුසලාන තරගාවලිය දක්වා ක්‍රියාත්මක වන බව ද ජේ ශාහ් සදහන් කළා.

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් ඉන්දියාව ක්‍රීඩා කරන දෙවැනි 20යි 20 ලෝක කුසලාන තරගාවලිය වනු ඇති.

මීට පෙර 2022 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැති 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී ද ඔහු ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරූ අතර, එම තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී ඔවුන් එංගලන්තය හමුවේ පරාජයට පත් වුණා.

අනතුරුව පසුගිය ජනවාරි මාසය වනතුරු ඔහු කිසිදු ජාත්‍යන්තර 20යි 20 තරගයක් ක්‍රීඩා කළේ නැහැ.

අදාළ කාලයේ දී හර්ඩික් පාන්ඩ්යා හා සූර්යකුමාර් යාදව් වැනි ක්‍රීඩකයින් ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලැබුවා.

Leave a comment