Ultimate magazine theme for WordPress.

2024 කාන්තා ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2024 ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද(26) නිවේදනය කෙරුණා.

තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර, තරගාවලිය දඹුල්ලේ දී ජූලි 19 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලියට රටවල් 8ක් ක්‍රීඩා කරන බවයි ආසියානු ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

2022 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සදහා රටවල් 7ක් ක්‍රීඩා කළ පසුබිමකයි මෙවර තරගාවලියට රටවල් 8ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශය හැරුණු විට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැලේසියාව, නේපාලය හා තායිලන්තය යන රටවල් තරගාවලියට ක්‍රීඩා කරනවා.

එම කණ්ඩායම් කාණ්ඩ දෙකක් යටතේ තරග වදින අතර, A කාණ්ඩයට ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා නේපාලය ඇතුළත්.

B කාණ්ඩයෙන් තරග වදින්නේ සත්කාරක ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව හා තායිලන්තයයි.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ජූලි 20 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන –

Leave a comment