Ultimate magazine theme for WordPress.

2023 CWC : අවසන් රටවල් 4 තහවුරු වෙයි ; අවසන් පූර්ව වටයේ කාලසටහන මෙන්න

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ රටවල් 4 මේ වන විට තහවුරු වී තිබෙනවා.

ඒ, අද පස්වරුවේ කොල්කටා හී දී ආරම්භ වූ එංගලන්ත-පාකිස්තාන තරගයෙන් ඉහළ ශුද්ධ ලකුණු වේගයක් සමග තරගය ජය ගැනීමට පාකිස්තානයට නොහැකි වීම හේතුවෙන්.

නවසීලන්තය අභිබවා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් පාකිස්තානය මෙම තරගයේ දී එංගලන්තයෙන් ලද ලකුණු 338 ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 6.4 ක් තුළ ලබා ගත යුතුව තිබුණා.

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගැනීමට ඉන්දියාව සමත්ව ඇති අතර, දෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාවටත්, තෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියාවටත් හිමි වුණා. නවසීලන්තය හිමි කර ගත්තේ සිව්වැනි ස්ථානයයි.

ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය එළඹෙන බදාදා සත්කාරක ඉන්දියාව හා නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතයි. මුම්බායි හී දී එම තරගය ආරම්භ වන්නේ පස්වරු දෙකටයි.

දෙවැනි අවසන් පූර්ව තරගය එළඹෙන බ්‍රහස්පතින්දා දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර කොල්කටාහී දී පැවැත්වෙනවා.

2023 World Cup knockout stage:

  • Semi-final 1: India vs New Zealand, Wednesday November 15, Wankhede Stadium, Mumbai
  • Semi-final 2: South Africa vs Australia, Thursday November 16, Eden Gardens, Kolkata
  • Final: Sunday November 19, Narendra Modi Stadium, Ahmedabad