Ultimate magazine theme for WordPress.

2023 ලෝක කුසලානයේ තරග කාලසටහන නිල වශයෙන් නිවේදනය කෙරේ

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(27) නිවේදනය කළා.

ඒ, තරගාවලිය ආරම්භ වීමට දින 100 ක් පමණක් ඉතිරිව ඇති පසුබිමකයි.

Also Read : ඉහළ වායුගෝලයට ගිය ලෝක කුසලානය ශ්‍රී ලංකාවට එන දිනය නිවේදනය කෙරේ

ඒ අනුව ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වීමට නියමිත තරගාවලියේ සමාරම්භක තරගය පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ලෝක ශූර එංගලන්තය හා නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ සමාරම්භක තරගය මෙන්ම නොවැම්බර් 19 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය ද අහ්මදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

සත්කාරක ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව චෙන්නායි හී දී ඔක්තෝබර් 8 වැනිදා පැවැත්වීමට නියමිත අතර, බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් තරගය වන ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ඔක්තෝබමර් 15 වැනිදා ප්‍රේක්ෂකයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවකට තරග නැරඹිය හැකි අහ්මදාබාද් ක්‍රීඩාංගනයේදීම පැවැත්වීමට නියමිතයි.

Also Read : ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවහොත් ශ්‍රී ලංකාවේ තරග කාලසටහන මෙන්න

ඉන්දියාවේ ක්‍රීඩාංගන 10 කදී දින 46 ක් පුරා පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට රටවල් 10 ක් ක්‍රීඩා කරන අතර, තරගාවලිය සදහා තරග 48 ක් ඇතුළත්.

අවසන් පූර්ව වටයේ තරග දෙක නොවැම්බර් 15 වැනිදා හා 16 වැනිදා පිළිවෙලින් මුම්බායි හී දී හා කොල්කටා හී දී පැවැත්වීමට නියමිත බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ. අවසන් පූර්ව තරග දෙක සදහාම අතිරේක දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අවසන් මහා තරගය සදහා ද අතිරේක දිනයක් ලෙස නොවැම්බර් 20 වැනිදා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තරග කාලසටහන –

© ICC
Leave a comment