Ultimate magazine theme for WordPress.

20යි 20 ලෝක කුසලානය සදහා එංගලන්ත සංචිතය නම් කෙරේ ; රෝයි එළියට

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය අද(2) ප්‍රකාශයට පත් කෙරුණා.

ජොස් බට්ලර්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ජේසන් රෝයි ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කර ඇති අතර, පිල් සෝල්ට් සංචිතයට නම් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ආබාධවලට ලක්ව සිටි වේග පන්දු යවන්නන් වන ක්‍රිස් වෝක්ස් හා මාර්ක් වුඩ් මේ වන විට සුවය ලබා ඇති බැවින් 20යි 20 ලෝක කුසලානය සදහා හා මෙම මාසයේ දී පාකිස්තානයේ දී පැවැත්වෙන තරග 7 කින් යුත් 20යි 20 තරගාවලිය සදහා නම් කර තිබෙනවා.

පාකිස්තාන සංචාරය සදහා නම් කර ඇති එංගලන්ත 20යි 20 සංචිතයට ක්‍රීඩකයින් 19 දෙනෙකු ඇතුළත්.

ක්‍රිස් ජෝර්ඩන් හා ලියම් ලිවින්ග්ස්ටන් ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් පාකිස්තාන සංචාරයට එක් නොවන නමුත්, ඔවුන් දෙදෙනාම 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කර තිබෙනවා.

ආබාධයකට ලක්ව සිටින නායක ජොස් බට්ලර් පාකිස්තාන සංචාරයට ද එක්වන නමුත්, ඔහු තරග 7 කින් යුත් 20යි 20 තරගාවලියේ අවසන් තරග කිහිපය සදහා ක්‍රීඩා කිරීමටයි අපේක්ෂාවෙන් පසුවන්නේ.

බට්ලර් ක්‍රීඩා නොකරන තරගවලදී කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම මොයීන් අලීට පැවරී තිබෙනවා.

2005 වසරෙන් පසුව එංගලන්ත කණ්ඩායම පාකිස්තානයේ සිදු කරන පළමු තරග සංචාරය වන මෙම සංචාරය සදහා වන එංගලන්ත 20යි 20 සංචිතයට මෙතෙක් 20යි 20 වරම් දිනා නොමැති ක්‍රීඩකයින් පස් දෙනෙකු ද නම් කිරීමටයි එංගලන්ත තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

එම ක්‍රීඩකයින් වන්නේ Jordan Cox, Tom Helm, Will Jacks, Olly Stone හා Luke Wood.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිතයි.

පාකිස්තාන – එංගලන්ත 20යි 20 තරගාවලියේ පළමු තරගය එළඹෙන 20 වැනිදා කරච්චී හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

20යි 20 ලෝක කුසලානය සදහා වන එංගලන්ත සංචිතය –

Jos Buttler (C), Moeen Ali, Jonathan Bairstow, Harry Brook, Sam Curran, Chris Jordan, Liam Livingstone, Dawid Malan, Adil Rashid, Phil Salt, Ben Stokes, Reece Topley, David Willey, Chris Woakes, Mark Wood,

අතිරේක ක්‍රීඩකයින් –

Liam Dawson, Richard Gleeson, Tymal Mills

පාකිස්තාන සංචාරය සදහා වන 20යි 20 සංචිතය –

Jos Buttler (C), Moeen Ali, Harry Brook, Jordan Cox, Sam Curran, Ben Duckett, Liam Dawson, Richard Gleeson, Tom Helm, Will Jacks, Dawid Malan, Adil Rashid, Phil Salt, Olly Stone, Reece Topley, David Willey, Chris Woakes, Luke Wood, Mark Wood