Ultimate magazine theme for WordPress.

19 න් පහළ 20යි 20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

2023 අයි.සී.සී කාන්තා වයස අවුරුදු 19 න් පහළ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ(5) නිවේදනය කළා.

ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය දරනු ලබන්නේ විශ්මි ගුණරත්න විසිනුයි.

ජනවාරි 14 වැනිදා සිට 29 වැනිදා දක්වා තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 16 ක් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමටයි නියමිතව ඇත්තේ.

A කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය හා අමෙරිකා එක්සත් ජනපදය යන රටවල් තරග කරන අතර, B කාණ්ඩයෙන් එංගලන්තය, පාකිස්තානය, සිම්බාබ්වේ හා රුවන්ඩාව යන රටවල් තරග කිරීමට නියමිතයි.

C කාණ්ඩයට ඇතුළත්ව ඇත්තේ අයර්ලන්තය, ඉන්දුනීසියාව, නවසීලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් යන රටවල්.

ඉන්දියාව, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා ස්කොට්ලන්තය D කාණ්ඩයට ඇතුළත්.

මූලික වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ජනවාරි 14 වැනිදා අමෙරිකාවට එරෙහිව පැවැත්වෙන අතර, දෙවැනි තරගය පැවැත්වෙන්නේ ජනවාරි 16 වැනිදා බංග්ලාදේශයට එරෙහිවයි.

ශ්‍රී ලංකාව මූලික වටයේ ක්‍රීඩා කරන අවසන් තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව ජනවාරි 18 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා යොවුන් සංචිතයට අනුමැතිය ලබා දී තිබෙනවා.

සංචිතය –

Vishmi Gunaratne – Captain
Dahami Sanethma
Umaya Rathnayake
Rashmi Nethranjalee
Rashmika Sewwandi
Dewmi Vihanga
Manudi Nanayakkara
Sumudu Nisansala
Pamoda Shaini
Vidushika Perera
Dulanga Dissanayake
Rishmi Sanjana
Nethmi Senarathne
Harini Perera
Vihara Sewwandi