17 වැනි තරගයේ කාසියේ වාසිය පංජාබ් පිලට – රාසා හා කේන් කණ්ඩායම්වලට කැදවයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දීමටයි තීරණය කළේ.
තරගය අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
මෙම තරගය සදහා කණ්ඩායම් දෙකෙන්ම එක් වෙනස්කම බැගින් සිදු කර තිබෙනවා.
ඒ අනුව ආබාධයක් හේතුවෙන් ලියම් ලිවින්ග්ස්ටන් මෙම තරගය සදහා පංජාබ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා නොකරන අතර, ඔහු වෙනුවට සිකන්ඩ රාසා කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
ටයිටන්ස් කණ්ඩායම සදහා ද ආබාධයක් හේතුවෙන් ඩේවිඩ් මිලර් ක්‍රීඩා කරන්නේ නැහැ. ඔහු වෙනුවට කණ්ඩායමට ආදේශ කර ඇත්තේ කේන් විලියම්සන්.
කණ්ඩායම් දෙක –
Punjab Kings XI:
S.Dhawan(c), J.Bairstow, J.Sharma(wk), P.Singh, S.Curran, S.Singh, S.Raza, H.Brar, H.Patel, K.Rabada, A.Singh
Gujarat Titans XI:
W.Saha(wk), S.Gill(c), S.Sudharsan, K.Williamson, V.Shankar, A.Omarzai, R.Tewatia, R.Khan, N.Ahmed, U.Yadav, D.Nalkande